IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි

(පුෂ්පකුමාර මල්ලව ආරච්චි)

අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැද ගිය පොලිසිය වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු අද  අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

නිට්ටඹුව පොලිස් වසමේ ගම්පහ කොට්ඨාශ සංක්‍රාමික පොලිස් යතුරු පැදි ඒකකයේ පොලිස්පරීක්ෂක නලින් මහතා ඇතුලු නිලධරින් වේයන්ගොඩ - නිට්ටඹුව මාර්ගයේ උදම්විට හන්දියේ නිළධාරින් හය දෙනකු සමග මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටියදි සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර ඇත.

මෙම වෑන් රථය නැවැත්වීමට පොලිස් නිළදාරින්  සංඥා කළද ඇතත් එම වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදි ඒකකයේ නිළධාරින් වෑන් රථය පිටුපස හබා ගොස් අවස්ථා තුනකදි වාහනය නැවැත්විමට උත්සහ කර ඇති අතර නිට්ටඹුව නගරයේ දි රතු ආලෝක සංඥ වැටි තිබියදි වෑන් රථය වතුපිටිවල දෙසට ධාවනය කර තිබේ .

මෙම හේතුවෙන් පොලිස් නිළධාරින් වෑන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට හා පිටුපස දකුණු ටයරයට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර වාහනය නවත්වා ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව වෑන්රථය මාර්ගයේ වම් පසින් නතර කිරිමෙන් අණතුරුව වාහනය හා එහි සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධික ලෙස බිමත්ව සිට ඇති අතර රියදුරු ලෙල්ලොපිටිය පදිංචි කුරුවකු බවද සෙසු පුද්ගලයන් රත්නපුර පදිංචි කුරුවන් බව හෙළි වී ඇත.

 



අදහස් (0)

පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32829 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15435 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10003 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 174 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 483 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site